එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බව එහි නායක, රංජන් රාමනායක පවසනවා.
ඒ අනුව, සිය පක්ෂයට ඇත්තේ පෙනේරයක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.
සිය පක්ෂයට මෙවර විපක්ෂයක් පමණක් නිර්මාණය කළ හැකි බවද සඳහන් කළ රන්ජන් රාමනායක ,
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කළ දූෂණයට, වංචාවට ගෑවුණු සියළුදෙනා අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි අවධාරණය කර සිටියේ.
ඒ අනුව, තම පක්ෂය දිස්ත්‍රික් නවයකට පමණක් තරග කරන බවත්, මෙවර ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තු නොවුනද, විකල්ප පාලන ක්‍රමයක් සමඟ තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා.