බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින සිය ඔස්ට්‍රේලියානු සංචාරය නිම කර තිබෙනවා.
ඒ සිඩ්නි නගරයේ ඔපෙරා හවුස් ඉදිරිපිට ට රැස්වූ දහස් ගණන් ජනයාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ යි.
බකිංහැම් මාලිගයේ සම්ප්රදාය අනුව, මෙය රජුට ඔස්ට්‍රේලියාවේ රාජකීය සංචාරය අවසන් කිරීමට සුදුසුම ආකාරය බව සඳහන්.
නමුත් රජුට යම් ස්ථානවල විරෝධතාවක් එල්ලවනු ද දක්නට ලැබී තිබුණා.
නිල වශයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිත වූ මෙම සංචාරය රජුගේ සෞඛ්‍ය තත්ත්වය නිසා කල් දැමුණා.
තම ඔස්ට්‍රේලියානු සංචාරය නිම කළ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සැමෝවා හි තෙදින සංචාරයක් ආරම්භ කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එහිදී චාල්ස් රජුට සැමෝවාහි ප්‍රධානම පදවිය වන ”Tui Taumeasina’ යන පදවිය පිරිනැමීමට ද නියමිත බව සැමෝවා ප්‍රධානී වික්ටර් ටමාපුවා පවසනවා.