ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.
මෙම නඩුව අද(24) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න අසනීප තත්ත්වයෙන් රෝගල් ගතව සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වන දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළා.
Author: Lanka Hit News
Post Views: 12