අද (25) දිනයේත් , බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්.
උතුරු, උතුරුමැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
තවද, ඔක්තෝබර් මස 24 වැනිදා රාත්‍රියේ හෝ 25 වැනිදා උදෑසන අතර කාලයේදී එය බටහිර බෙංගාල සහ ඔඩිෂා වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කිරීමට ඉඩ පවතින බවයි, අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං සමඟින් තව වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.
මේ හේතුවෙන් දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.
මේ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදනය පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසටයි ඔවුන් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කළේ.