මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඊයේ (24) පුත්තලමේ පැවති දේශපාලන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
” අපි දන්නවා මේ වන විට ලෝකයෙ යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා .එහි අවදානම් තත්වයක් ලංකාවට දැනිලා තිබුණා. සති දෙකකට පෙර අපිට වාර්තා වුණ. අපිට බුද්ධි අංශ ඒ බව අනාවර්ණය කර තිබුණ.ඒ සමගම අපි අදාල කටයුතු ආරම්භ කළා.වෙන රජයන් වාගේ පැවති රජයන් වාගේ ඒ දෙවල් මාධ්‍ය සාකච්ජා තිබ්බේ නැහැ.ඒ තොරතුරකට අනුව පුරවැසියන්ගේ ආරක්ෂාව අපි තහවුරු කළා අපි ඒ බුද්ධි තොරතුරට අනුව වේගයෙන් ක්‍රියාත්මක කළා.ඒ පිළිබදව සැක සහිත පුද්ගලයන් අත් අඩංගුවට ගන්න කටයුතු කළා.
ඒ වාගෙම කිසිදු සිවිල් පුද්ගලයකුට ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න ඉඩ නොදි බුද්ධි අංශ, ආරක්ෂක අංශ දිවා රාත්‍රි එවැනි තත්වයක් ඇතිවිමට ඉඩ නොදි කටයුතු කළා. හැබැයි නැවතත් අපි කියන්න ඕනා අන්න ඒවාට තමයි ආණ්ඩු කියන්නේ. ”