Global Platform For All Sri Lankans

මිනිත්තු 3 කට සීමා වූ සිප වැලඳගැනීම

 

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකාරීත්වය පවසනවා.

ගුවන් මගීන් පිටවී යද්දී තම ආදරණීයයන් සිප වැලඳ ගනිමින්, ඔවුන්ට සමු දීමට වැඩි කාලයක් ගත කරන බවත්, එය ගුවන් තොටුපොල කටයුතුවලටත්, ගුවන් ගමන්වලටත් බාධාවක් වී ඇති බවත් පෙන්වා දෙමින් ඩුනෙඩින් ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය මෙසේ පවසා තිබෙනවා.

වැඩි කාලයක් ලෙස සමුදීමට අවශ්‍ය නම්, එම සමුදීම් ගුවන්තොටුපොල රථගාලේ සිදු කරන්නැයි ද ගුවන්තොටුපොල කළමනාකාරීත්වය, ගුවන් තොටුපොලට පැමිණෙන ගුවන් මගීන්ට පැහැදිලි කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads