Global Platform For All Sri Lankans

විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි ?

 

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එම කොමිසම මඟින් අදාළ යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව, විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මණ්ඩලය සඳහන් කරනවා.

විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා.

මේ අතර, මහජන උපයෝගිතා කොමිසමේ පුරප්පාඩු සඳහා, නව සාමාජිකයින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads