Global Platform For All Sri Lankans

කොළ එළි දැල්වුණු තුන්වන සමාලෝචනය..

 

ශ්‍රී ලංකාව සමඟ පවතින ණය විස්තීරණ වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය වෙත කඩිනමින් එළඹීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එමෙන්ම, මෙම සතියේ පැවත්වෙන වාර්ෂික රැස්වීම් අතරතුර ශ්‍රී ලංකාව සමඟ පවතින මූල්‍ය වැඩසටහන සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.

නව රජය බලයට පත් වූ පසු මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ කණ්ඩායමක් මෙම මස මුලදී මෙරටට පැමිණි අතර එහිදී බලධාරීන් සමඟ ඉතා ඵලදායී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට හැකි වූ බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

2022 වසරේදී ආර්ථික අගාධයට ඇදෙමින් තිබූ ශ්‍රී ලංකාව, පසුගිය කාර්තු හතර තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් පෙන්වා දෙන තවත් කාරණයක්.

එමෙන්ම, මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව නිල ණය හිමියන් සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී නෛතික වශයෙන් එකඟතාවකට පැමිණීම අත්‍යාවශ්‍ය කාරණයක් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, තානාපතිවරුන් කිහිපදෙනෙකු සහ යුරෝපා සංගම් නියෝජිතයින් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම හමුවට දකුණු අප්‍රිකානු සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරු, ඉරානයේ සහ මියන්මාරයේ තානාපතිවරුන් මෙන්ම, යුරෝපා සංගම් නියෝජිතයින් පිරිසක් ද එක්වීමට නියමිත බව සදහන්.

අදාළ රටවල් සමඟ ද්විපාර්ශවික සබදතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සොයා බැලීම මෙම සාකච්ඡවල අරමුණ බවයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads