කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීම හේතුවෙන් මෙලෙස උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම අද (28) සිට දෛනිකව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින් දුම්රිය හරස් මාර්ග භාවිත කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතකළ යුතු බවටද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.