Global Platform For All Sri Lankans

ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූප ගතකළ අයෙක් අත්අඩංගුවට..

 

කොළඹ සහ අවට වැදගත් මර්මස්ථානවල රූප සටහන් පොතක් තබාගෙන කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (27) අලුයම අත්අඩංගුවට ගත් බවයි කුරුඳුවත්ත පොලිසිය පැවසුවේ.

සැකකරු සන්තකයේ තිබූ රූප සටහන් සහිත පිටු 700 කින් සමන්විත පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් පොතක් හා දිනසටහන් පොතක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය සහ ඔහු පැමිණි යතුරුපැදියක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

රාත්‍රී ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මීට පෙර මැණින් මාර්කට්හි සිය සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී තිබෙන බවයි පැවසෙන්නේ.

නමුත් ඔහු මීට මාස 06කට පමණ පෙර එතැනින් ඉවත් කර ඇති බවත් මේ වනවිට යම් මානසික ව්‍යවුලකින් පස්වන බව පෙනෙන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු නොවැම්බර් 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads