Global Platform For All Sri Lankans

පාස්කු ප්‍රහාරයේ දෙවැනි හෙළිදරව්ව හෙළි කළ ගම්මන්පිල..

 

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (28) පසුගිය සතියේ පැවසූ පරිදි ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ සම්බන්ධ කමිටු වාර්තා සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම කමිටුව පත්කළේ 2023 සැප්තැම්බර් 05 වනදා එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ Dispatches නම් වැඩසටහනේ විකාශය කළ Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යි.

එසේම එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක ට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව යි.

එසේම, ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත් ය.

රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඔහු , ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ද සඳහන් කළා.

එසේම, පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය භාරව සිටින්නේ ලොකුම චූදිතයෙක් බව ද ගම්මන්පිල මෙහිදී සඳහන් කළා.

එසේම මීට පෙරද , උදය ගම්මන්පිලගේ වසර 25 ක පමණ ඉතිහාසය තුළ ආණ්ඩුව කරන වංචා දූෂණ හෙළිදරව් කිරීම් කර ඇති බව ද සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads