Global Platform For All Sri Lankans

බයිඩන් කලින්ම ගිහින් ඡන්දේ දාලා..

 

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදායි.

ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් ය.

කෙසේ වෙතත් , කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ බයිඩන්ය. ඒ, පසුගිය ජූලි මාසයේ බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමෙන් පසුවයි.

බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවින් ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එසේම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට පෙර, ජනපද මට්ටමින්, ඇමෙරිකානුවන්ට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ද අවස්ථාව හිමිවෙනු ඇති.

ජනපතිවරයා වූ 81 හැවිරිදි බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ ඒ අනුවයි.

නිව් කාසල් නගරයේ ඡන්ද පොළට ගොස්, ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව එනතුරු බයිඩන්ට මිනිත්තු 40 ක් පමණ පෝළිමේ සිටීමට සිදු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන් අනතුරුව , ඡන්ද පොළට ඇතුළු වූ පසු හැඳුනුම්පත පෙන්වා, අනන්‍යතාව තහවුරු කර, ඇමෙරිකන් ජනාධිපතිවරයා සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads