මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසීයක් හා ත්‍රී රෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල මාබෝල වැලිකඩ මුල්ල ප්‍රදේශයේ පදිංචි (29 – 31) වයසේ පසුවන දෙදෙනකු බව යි සඳහන් වුණේ.
හෝමාගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් (30) දා අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී, හෝමාගම නගර මධ්‍යයේ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පෝස්ටර් අලවමින් සිටිනු දැක තිබී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවටයි සඳහන් වන්නේ.