ස්පාඤ්ඤයේ දකුණු හා නැගෙනහිර ප්රදේශවලට හදිසි ගංවතුරක් ඇතිව තිබෙනවා.
ඒ සමහර ස්ථානවලට පැය කිහිපයක් තුළ අඟල් 12 ක් දක්වා වර්ෂාපතනයක් ලැබීමත් සමගයි.
ස්පාඤ්ඤයේ Valencia නගරයේ පාලම් කැඩී ගොස්, මඩ පැහැති ජලයෙන් වීදි යටවී ඇති අතර වාහන පවා මෙම හදිසි තත්ත්වය සමග මග නැවතී තිබෙනවා.
ගංවතුර හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙක්ම මේ වනවිට අතුරුදහන් වී ඇති අතර, පුදගල මරණ කිහිපයක් වාර්ථාවන බවත් සඳහන්.