චීන විද්‍යුත් වාහන දැවැන්තයා වන BYD හි කාර්තුමය ආදායම, පළමු වරට මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, එහි තුන්වන කාර්තුවේ ශුද්ධ ලාභය 11.5% කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, රජයේ වෙළඳ දිරිගැන්වීම් මඟින් ශක්තිමත් විකුණුම් වේගයක් පවත්වා ගෙන ඇති BYD හි ජුලි – සැප්තැම්බර් කාර්තුවේදී ශුද්ධ ලාභය යුවාන් බිලියන 11.6 (ඩොලර් බිලියන 1.63) දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මෙම ඉහළ යාම පසුගිය වසරේ එම කාලයට වඩා 24%ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
කෙසේ නමුත්, ටෙස්ලා තවමත් ජූලි සිට සැප්තැම්බර් දක්වා ගෝලීය වශයෙන් EV අලෙවිය අතින් BYD පරදවයි.