වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුවට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටර් ප්‍රනාන්දු පසුගිය 23 වනදා පෙනි නොසිටිම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබුණා.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මහාධිකරණයට භාර වු හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුව රුපියල් 25,000 ක් මුදල් ඇපයක් හා ලක්ෂ 10 ක අමතර ඇප මත මුදා හැරිමට කොළඹ මහ විනිසුරු කොළඹ මංජුල තිලකරත්න අද (01) නියෝග කර සිටියා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනි සිටි කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ අභියාචනාධිකරණයට ඔහු ඉදිරිපත් කළ තිබු පෙත්සමක් කැඳ වු අවස්ථාවේදී විත්තිකාර ජොන්සටන් ප්‍රනාන්දු ස්වේච්ඡාවෙන් ලබා දුන් එකඟතාවයක් අනුව 23 වන දින අධිකරණය හමුවේ පෙනි සිටින බවයි.
BMW වාහන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටි බවත් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 23 වන දින සිට 30 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණය විසින් විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසට නිශ්චිත නියෝගයක් කර තිබුණේ දැයි ප්‍රශ්ණ කර සිටියා.
එලෙස නිශ්චිත ප්‍රකාශයක් කර නොතිබු බව ජනාධිපති නිතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
එහිදී සිය නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ අභියාවනාධිකරණයේ නිශ්චිත නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවකදී විත්තාකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රථමයෙන් කළ යුතුව තිබුණේ මෙම අධිකරණයේ පැවැති නඩු කටයුතු වෙනුවෙන් පෙනි සිටිම බවයි.
එබැවින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවට පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා විසින් ජොන්සටන් ප්‍රනාන්දුට අමතර ඇපයක් නියම කර සිටියා.
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 27 වනදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.