ඊයේ (31) සවස් කාලයේ, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව, පෑලියගොඩ පොලිසිය විමර්ශනයක් අරඹා ඇති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු ව නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෘත ශරීරය පිළිබඳ පොලිසිය විසින් නිකුත් කර ඇති දේහ ලක්ෂණවලට අනුව මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 45 ත් 50 ක් පමණ වන උස අඩි 5 අඟල් 7 ක මුහුණ පුරා රැවුල වවා ඇති අයෙක් බව සඳහන්.
එම පුද්ගලයා අවසන් වරට හැඳ සිට ඇත්තේ අළු පැහැති දිග කලිසමක් පමණි.
එමෙන්ම ඔහුගේ කොණ්ඩය කළු සහ සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය පෑදී ඇති බවත් සඳහන්.
Author: Lanka Hit News
Post Views: 36