කළුතර, සේරුපිට ප්රදේශයේ ගුවන් පාලම යට දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (02) රාත්රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සේරුපිට ජනපදයේ පදිංචිව සිටි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.
තියුණු ආයුධයකින් පපු ප්රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Author: Lanka Hit News
Post Views: 5