බදුල්ල – මහියංගනය මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද(03) සිදුකිරිමට නියමිතයි.
ඔවුන්ගේ දේහ පවුලේ ඥාතීන් වෙත ඊයේ භාරදෙනු ලැබුවා.
මියගිය සිසුවියන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේයි.
ජීවිතක්ෂයට පත් වූ එක් සිසුවියක් නිවිතිගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, අනෙක් සිසුවිය කුරුණෑගල පදිංචිකාරිනියක්.
ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
අනතුරින් තුවාල ලැබූ 39 දෙනෙකු තවමත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කිසිදු අයෙකුට ජීවිත අවදානමක් නොමැති බවයි.
Author: Lanka Hit News
Post Views: 32