පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද(04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.
සිවිල් සංවිධානයක් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවා.
මහ මැතිවරණයේ දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවටයි එම පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ.
ඊට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමට නියමිතයි.
ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදුකර ඇති සියලුම කටයුතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවා.
ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසමෙන් කළ කරුණු දැක්වීමකට අනුවයි.