Global Platform For All Sri Lankans

පාසල් සිසුන්ට චීනයෙන් ලැබෙන තෑගි..

 

ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙරට පාසල් සිසුන් සදහා පසුගිය වසරේ දී සියයට 70ක් සහ මේ වසරේ දී සියයට 80ක් චීනය විසින් නිල ඇදුම් පරිත්‍යාග කර ඇති බව සදහන්.

ඒ අනුව, ලබන වසරේ දී සියයට සියයක් පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් පරිත්‍යාග කිරීමට සිය රජය සූදානම් බවයි මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads