කූඨ ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ 01, 04, සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබෙනවා.
නඩුවේ සාක්ෂි විභාගය ලබන ජනවාරි 09 වැනිදා ආරම්භ කරන බවද එහිදි මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දුන්නා.
මෙම නඩුවට අදාල නඩු භාණ්ඩ ආරක්ෂිතව අධිකරණ සෙප්පුවේ තැන්පත් කරන ලෙස ද නඩු භාණ්ඩ භාරකරුට නියෝග කළා.
2004 වසරේ ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූඨ ලෙස මෙරට විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවා.
කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 27 වන දින මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා.