“එක්සත් ප්රජාතාන්ත්රවාදී හඬ“ පක්ෂයේ නායක රන්ජන් රාමනායක ඊයේ (04) දහවල් දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හමුවීම සදහා දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානය වෙත ගොස් තිබෙනවා.
ආදිවාසි නායකතුමන් හමුවූ ඔහු “එක්සත් ප්රජාතාන්ත්රවාදී හඬ“ පක්ෂය පිළිබඳ තොරතුරු ආදිවාසිනායක තුමාට පැහැදිලි කර ඇති බව සඳහන්.
අනතුරුව ඔහු ඒ සඳහා ආශිර්වාද ලබාගැනීම ද සිදු කර තිබෙනවා.
විදේශ මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමක් විසින් රංජන් රාමනායකගේ දේශපාලන කටයුතු සහ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ විමසිමක්ද ආදිවාසි ගම්මානයේදි සිදු කර ඇති බවයි අප ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
ආදීවාසි සම්ප්රදායානුකූලව, රංජන් රාමනායකට හා නව පක්ෂය වෙනුවෙන් “කිරිකොරහා“ ශාන්තිකර්මය සිදු කර ආශිර්වාද එක්කිරිම ද එහිදී සිදු කෙරුණා.
Author: Lanka Hit News
Post Views: 5