Global Platform For All Sri Lankans

” ඔබතුමා දැන් ජනාධිපති, ඔබතුමාට අමතක නම් අපි මතක් කරලා දෙන්නම්.. ” දුමින්ද දිසානායක

මේ රටේ වැඩිම පිරිසක් පරිභෝජනය කරන හාල් අද වෙළඳපොලේ නැති තත්වයක් උදා වෙලා තියෙනවා.තිබුණත් ඒක තියෙන්නේ ආණ්ඩුවේ පාලන මිළ යටතේ නෙමෙයි, ඉතාමත් වැඩි මුදලකට, දේශපාලන වේදිකාවේ ගිහින් කෙඳිරි ගාන්න එපා, ඒක මේ රටේ ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ, ඔබතුමා දැන් ජනාධිපති, ඔබතුමාට අමතක නම් අපි මතක් කරලා දෙන්නම්, ගරු ජනාධිපතිතුමනි, කෙඳිරි ගෑවා ඇති, දේශපාලන වේදිකාවේ ගිහින් කෑ ගැහුවා ඇති, ඔබතුමාගේ පරණ පුරුදු දේශපාලනය පැත්තකින් තියලා, මේ රටේ ජනාධිපති විදිහට ඔබතුමා කටයුතු කරන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක ,

අනුරාධපුරයේ අපි සහල් මිළ පිළිබඳව ගොවියාගේ අස්වැන්න පිළිබඳව, ගොවියාගේ ආදායම පිළිබඳව විශේෂ විමසිල්ලකින් ඉන්නවා.අපිට ඉතාමත් පැහැදිළියි නාඩු හාල් ප්‍රශ්නයට ,මේ රටේ වැඩිම පිරිසක් පරිභෝජනය කරන හාල් අද වෙළඳපොලේ නැති තත්වයක් උදා වෙලා තියෙනවා.තිබුණත් ඒක තියෙන්නේ ආණ්ඩුවේ පාලන මිළ යටතේ නෙමෙයි, ඉතාමත් වැඩි මුදලකට,මම අහන්නේ ඔබතුමාගෙන්, ඔබතුමා ආයේ දේශපාලන වේදිකාවේ ගිහින් කෙඳිරි ගාන්න එපා, ඒක මේ රටේ ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ, ඔබතුමා දැන් ජනාධිපති, ඔබතුමාට අමතක නම් අපි මතක් කරලා දෙන්නම් ඔබතුමා ජනාධිපති, මාලිමාවේ අයගේ පමණක් නෙමෙයි රටේම ජනාධිපති, එහෙම නම් මෝල් හිමියෝ ටික ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනල්ලා සුහද සාකච්ජාවක් පවත්වලා, හැබැයි අවසානයේ ඔබතුමා දේශපාලන වේදිකාවට ගිහින් කෙඳිරිගානවා මම සහල් හංගන් හිටියොත් අල්ලනවා, වැඩි මිලට වික්කොත් අල්ලනවා කියලා.ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මතක් කරන්න ඕන, මේකට කරන්න ඕන දේශපාලන වේදිකාවේ කෑ ගහන එකවත්, කෙඳිරි ගාන එකවත් නෙමෙයි, ඔබතුමා වාඩි වෙන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති විදිහට, ඔබතුමාගේ ලේකම්වරයාව ලඟින් තියා ගන්න, ඔබතුමා මේ රටේ හාල් ප්‍රශ්නයට උත්තරය මොකක්ද කියන එක, ලෝකයේ තියෙන පුංචිම කැබිනට් එකත් ඔබතුමාගේ මේසය ඉදිරියට ගෙනල්ලා සාකච්ජාවක් පවත්වලා තීන්දු තීරණ ගන්න ජනාධිපති ලේකම්වරයා මේක ගැසට් කරයි.එතකොට හාල් ටික වැඩි මිලට වික්කොත් එහෙම අල්ලන්න නීතියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, ඒ සඳහා පාරිභෝගික අධිකාරිය තියනවා.ඒකට ඔබතුමාට මාලිමාවෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් අවශ්‍යය කරන්නේ නෑ.කවුරු හරි සහල් හංගන් ඉන්නවා නම් මේ වෙන කොටත්, ජනතාවට ඒ සහල් ටික නොදී අසාධාරණයක් කරනවා නම් අන්න ඔබතුමාට ජනතාවගේ පැත්තේ ඉඳන් තීන්දුවක් ගන්න පුලුවන්කම තියෙනවා, ඔබතුමාට පුලුවන්කම තියෙනවා පොලීසිය, ත්‍රිවිධ හමුදාව යොදවලා, ඒ හංගන් ඉන්නවා නම් කොහේ හරි , ඔනනම් ඔබතුමාට රාජසන්තක කරන්නත් පුලුවන්කම තියෙනවා.ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, කෙඳිරි ගෑවා ඇති, දේශපාලන වේදිකාවේ ගිහින් කෑ ගැහුවා ඇති, ඔබතුමාගේ පරණ පුරුදු දේශපාලනය පැත්තකින් තියලා, මේ රටේ ජනාධිපති විදිහට ඔබතුමා කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

අපිට මතකයි අපි ආණ්ඩුවේ ඉන්න කොට අපි මිළ සූත්‍රයක් අනුව තමයි තෙල් මිළ තීන්දු කලේ මාස් පතා, ඒ මාස්පතා ඉන්ධන මිළ තීන්දු වෙන වෙලාවේදී, සමහර අවස්ථා අපි දැක්කා මේ ඊයේ- පෙරේදා සිද්ධියක් වුණා වගේම වැඩියෙන් අඩු වුණේ හෝ අඩු වුණේ සුපිරි ඩීසල්, සුපිරි පෙට්‍රල් පමණයි, සාමාන්‍යය ඩීසල්, සාමාන්‍යය පෙට්‍රල් බොහෝම පොඩි ගාණක් අඩු වුණ අවස්ථා තිබුනේ,ඒ වෙලාවේදී මේ අය ජනතාව අතරට ගිහින් කිව්වා, මෙන්න දැක්කාද මේ ආණ්ඩුව, මේ ආණ්ඩුව දුප්පතාගෙන් අඩු කලේ මෙච්චරයි, පෝසතාට තමයි සහන දුන්නේ කියලා කිව්වා, එහෙම නම් අදත් අපිට අහන්න වෙනවා, ඔබතුමාලා මේ සහනය දුන්නෙත් දුප්පත් අය අමාරුවෙන් තෙල් ටික ගන්න ඉන්න කොට, ඔබතුමාලාගේ රජයෙක් යටතේ රුපියල් 150 ක් 100 ක් අඩු කර ගෙන තෙල් ටික ලබා ගන්න හිටිය දුප්පත් ජනතාවට ඔබතුමන්ලා කොකා පෙන්නුවාද කියලා අපි අහන්න කැමතියි.මොකද ඔබතුමන්ලා එක ශතයක් අඩු කලේ නෑ දුප්පතා පාවිච්චි කරන පෙට්‍රල් ටිකෙන් ඩීසල් ටිකෙන්, හැබැයි ඔබතුමන්ලාගේම වර්ෂන් එක විදිහට ඔබතුමන්ලා පෝසත්තු පාවිච්චි කරන අර ලොකු ලොකු වාහන වලට ගහන සුපිරි ඩීසල් වල, සුපිරි පෙට්‍රල් වල මිල රුපියල් 6 කින් අඩු කරලා තියෙනවා.ඉතින් අපි ඔබතුමන්ලාගේම වර්ෂන් එකට, මේක මගෙ වර්ෂන් එකක් නෙමෙයි,ඔබතුමන්ලාගේ වර්ෂන් එක අනුව මේ විශේෂ උදව්වක් කලේ විශේෂ මිල අඩු කිරීමක් කලේ දුප්පතාගේ බත් පතට ගහලා, පෝසතා වෙනුවෙන්ද ඔබතුමන්ලා මේ රුපියල් 6 ක් අඩු කලේ කියලා අපි අහන්න කැමතියි.

මං පුන පුනා කියනවා,ඒ අය ඉතාමත් පැහැදිලිව කියනවා, දේශපාලන වේදිකාවේදී මේ රටේ ජනතාවගේ, වෛරය ඇවිස්සුවා මිසක්, බලාපොරොත්තුවක් දුන්නා මිසක්, ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න එතුමලාට සැලැස්මක් තිබුණේ නෑ, ඒ නිසා එතුමලාට බිත්තරය හොඳ පාඩමක්,බිත්තරය ඉබේ අඩු වෙච්ච එකේ ලකුණක් දාගන්න ගියා මාලිමාවේ උදවිය, හැබැයි දවස් දෙකකින් බිත්තරය සාමාන්‍යය මිළට ගියහම දැන් ඒ කොමිස් මුදල ඒ අයට පාරා වළල්ලක් වෙලා තියෙනවා.අඩු වෙන කොට කොමිස් මුදලක් ගත්ත නිසා, දැන් ඒ කොමිස් මුදල ගන් නැති නිසා මිළ අඩු වුනේ කියලා ඒ ගොල්ල කිව්වා නම්, දැන් වැඩි වෙන කොටත් කාට හරි කොමිස් මුදලක් යන්න ඕනකම තියෙනවා.මේ සියල්ල දුමින්දගේ කථා නෙමෙයි, මාලිමාවේ අය මැතිවරණයට කලින් හා මැතිවරණයට පසුව කියපු කථා වල වර්ෂන් එකක් තමයි අපි මේ කියන්නේ ” යැයි සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads