වත්මන් ආණ්ඩුවට නඩු දෙකක් ගොනු කිරීමට ඇතැමුන් සුදානම් වු නමුත්, තමා එය වැළැක් වු බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) මාතර පැවති ජනහමුවක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ , හිටපු ජනපතිවරයා..
“ වත්මන් ආණ්ඩුව පත් වුයේ ආණ්ඩුවේ සේවකයන්ගේ ඡන්දයෙන්. පඩි වැඩි කරන බවට ආණ්ඩුවේ සේවකයන්ට පොරොන්දු වුණා. සාධාරණ වැටුප් වැඩි වීමක් ගැන කතා කරන්නේ නැතිව උදය සෙනරවිරත්න වාර්තාවෙන් නියම කළ වැටුප් වැඩි වීමක් හෝ ඊට වැඩිපුර වැටුප් වැඩි වීමක් ලබා දෙන බව ජනපති ප්රකාශයක් කළ යුතුයි.එම ප්රකාශය කරන්නට බැරි නම් ඔබ මේ රටේ රජයේ සේවකයන්ගෙන් ඡන්දය ලබාගන්නේ කෙසේද?එම ප්රකාශය කරන්නට බැරි නම් මාලිමාවට කිසිම කෙනෙක්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ. මේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමටත් ජනතාවට සහනයක් දීමටත් පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ”