ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස් කර සමාජ මාධ්‍යට මුදාහැරි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 38 හැවිරිදි කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරු විසින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි ඒ පිළිබද විමර්ශන සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු ඊයේ (04) පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වුණා.
නව රජය මඟින් රුපියල් බිලියනයක් අච්චු ගසා ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කළ අතර මහබැංකුව ප්‍රකාශ කළේ එම වාර්තා පදනම් විරහිත බවයි.