අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූවායින් පසු රට වෙනස් කරාවී යැයි සියළු දෙනා අපේක්ෂා කළ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් අපේක්ෂක කණ්ඩායමේ නායක, දුමින්ද දිසානායක පවසනවා.
රට කෙසේ වෙතත් වෙනසක් කිරීමට පැමිණි අනුර කුමාර දිසානායක වෙනස් වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
තඹුත්තේගම ප්රදේශයේ පැවති ජන හමුවකදී , මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වූ , දුමින්ද දිසානායක,
“මාලිමාවට කතිරය ගහපු සෙසු පක්ෂ සාමාජිකයින් අද ලැජ්ජා වෙනවා.. පසු තැවිලි වෙනවා.. මාලිමාව කිසිම වෙනසක් මේ රටේ ඇති කළේ නෑ.. බොහෝ දෙනෙක් බලාගෙන හිටියා, අනුර කුමාර ජනාධිපති වෙලා රට වෙනස් වෙයි කියලා.. හැබැයි රට වෙනස් කරන්න ආපු, අනුර කුමාර දැන් වෙනස් වෙලා තියෙනවා.. එච්චරයි වෙනස් වෙලා තියෙන්නේ.. තමන් ජනාධිපති වුණාම කැබ් එකේ යනවා කිව්ව අනුර කුමාර අද ආරක්ෂාව නිසා, ජනතාව කියන නිසා, ජනාධිපතිවරයාගේ ජීවිතයේ වටිනාකමක් තියෙන නිසා, අනුර කුමාර අකමැත්තෙන් වුණත් වෙඩි නොවදින බී.එම්.ඩබ්ලිව් එකේ යනවා.. ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ෂාව දාගෙන යනවා.. පොලීසියේ බයික් ටික යනවා.. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගියා වගේම ගිලන් රථයකුත් පිටිපස්සෙන් යනවා.. එහෙම නම් වෙනස් වුණේ අනුර කුමාර විතරයි.. වෙන කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.. ඒ ටික ඒ විදිහටම තියෙනවා.. ජාතික ජන බලවේගය ඇතුලේ ප්රජාතන්ත්රවාදයක් නෑ.. කියවිල්ල විතරයි තියෙන්නේ.. මම ඊයේ පෙරේදා දැක්කා අනුර කුමාර සහෝදරයා වේදිකාවේ ඇවිල්ලා කෙඳිරි ගානවා.. මොකක්ද මේ කෙඳිරිය.. එයා කියනවා ‘හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න ඕනද කියලා අහනවා.. මහජනතාවගේ බදු මුදලින් හිටපු අයව නඩත්තු කරන්නේ නෑ.. ඒවා බලාපොරොත්තු වෙන්න එපා.. අපි දෙන්නේ නෑ කියලා කියනවා.. ඉතින් ඕක කිය කිය ඉන්න දෙයක් නෑ.. අපිත් කැමතියි ඒකට.., හැබැයි ඉතින් කෙඳිරි ගගා ඉන්නේ නැතිව ගන්න ඕන තීන්දු ටික ගත්තා නම් ඉවරයිනේ.. මොකද අපි කියනවාද අනේ එපා.., තව පොඩ්ඩක් ඉන්න.., තව චුට්ටක් ඉන්න කියලා අපි කියනවාද..? අපි කියන්නේ නෑ.., ඒ ගොල්ලත් එපා කියනවා නම්.., අපිත් එපා කියනවා නම් ආයේ වේදිකාවක් ගානේ ගිහින් කෙඳිරි ගාන්නේ නැතිව මේ ටික කරලා දාන්න බොහෝම ලේසියි.. එයාට අපි කියන්නේත් මේවා කරන්න කියලා තමයි..”