කියුබාවට බලපා ඇති රෆායෙල් සුළි කුණාටුව සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් එරට ජාතික විදුලි පද්ධතියට හානි සිදු වී තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් ප්රදේශ රැසක විදුලිය ඇනහිට ඇති බැවින් මිලියන ගණනක ජනතාව පීඩාවට ලක්ව ඇති බවයි.
පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් හමා ආ එම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හැත්තෑ දහසක් පමණ ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
පසුගිය මාසයේද විදුලි පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එරටට දින 04 ක් පමණ කාලයක් විදුලිය ඇනහිට තිබුණා.
Author: Lanka Hit News
Post Views: 2