අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයේ අධික වේගයකින් ලැව්ගින්නක් පැතිර යන බව වාර්තා වනවා.
කැලිෆෝනියාවේ වෙන්චුරා ප්‍රාන්තයේ පැයට සැතපුම් 80 (පැ.කි.මී. 130) දක්වා වේගයෙන් මෙම ලැව් ගින්න හමා යන අතර, ගිනි නිවන හමුදා භටයින් ඒ සමග විශාල අරගලයක නිරත වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
බදාදා අලුයම ලොස් ඇන්ජලීස් සිට සැතපුම් 40ක් වයඹ දෙසින් පිහිටි මුර්පාර්ක් අසළ මෙම ලැව් ගින්න මුලින්ම වාර්තා වී තිබෙනවා.
පැය කිහිපයක් ඇතුළත එය සැතපුම් 10 ක් පමණ දුරින් පිහිටි කැමරිලෝ උප නගරයටද ව්‍යාප්ත වී ඇති බව සඳහන්.
අමෙරිකානු ජාතික කාලගුණ සේවය අද සවස 6 දක්වා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, දකුණු කැලිෆෝනියාවේ සහ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රදේශයේ මිලියන 27 ක ජනතාවට එය බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම ලැව් ගිනි නිසා ප්‍රදේශවාසීන් දහස් ගණනකට පළා යාමට සිදු වී ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.