ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඉරානය විසින් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට අමෙරිකාව චෝදනා කරනවා.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජාතිකයෙකුට එරෙහිව එක්සත් ජනපද රජය මේ වන විට චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නම් පුද්ගලයෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධිචෝදනා පත්‍රයක් යොමු කර ඇත්තේ ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා සැලැස්මක් සැපයීම ඔහුට පැවරී ඇති බවට චෝදනා කරමින්.
ෆර්හාඩ් ෂකේරි අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවත් අමෙරිකා එක්සත් ජනපද රජය පවසනවා.
මෑන්හැටන් උසාවියේ අපරාධ පැමිණිල්ලක් ගොනු කරමින් නඩු පවරන්නන් චෝදනා කරන්නේ, ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නිලධාරියෙකු විසින් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට සැලැස්මක් සකස් කරන ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී ෂකේරිට උපදෙස් දී ඇති බවයි.