Global Platform For All Sri Lankans

ශ්‍රී ලංකන් මගීන්ගෙන් සමාව ඉල්ලයි..

 

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරනවා..

ගුවන් යානා කිහිපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදු වී තිබුණා..

“කවදත් මගී ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකමින් මෙම ගැටළු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට අපි උනන්දුවෙන් කටයුතු කරමින් සිටිමු.

අපගේ වටිනා ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපි සමාව අයදින අතර අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉවසීම අපි බොහෝ සේ අගය කරමු. ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගුවන් මගින් අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා දී ඇති අතර, සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිමු.” මේ ඒ ගැන ඔවුන් කී කතාවයි..

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads