කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙලෙස මුදල් අය කිරීම ඉතා අසාධාරණ බව යි ජනතාව පෙන්වා දෙන්නේ.
විවේක ගැනීමට ඉතා කුඩා වේලාවකට පැමිණෙන ජනතාවගෙන්ද මෙම පිරිස මුදල් අය කරන බව ට ජනතාව චෝදනා කරනවා. මෙරට ජනතාවගෙන් මුදල් අය කිරීමේදී මීට වඩා සාධාරණ ක්රමවේදයක් අනුගමනය කළ යුතු බවයි වැඩිදුරටත් ජනතාව සඳහන් කරන්නේ.
මේ අතර, කොළඹ නගරයේ බොහෝ ස්ථානවල වාහන ගාල් කිරීමට යම් යම් කණ්ඩායම් හිතුමතේ මුදල් අය කරන බව පවසන වාහන හිමිකරුවෝ එදිනෙදා කටයුතු සඳහා පැමිණෙන ජනතාවට මුදල් අය කිරීමෙන් තොරව වාහන ගාල් කිරීම සඳහා නගරයේ නිදහස් ස්ථාන වෙන් කිරීම ඉතා වැදගත් බව රජයට යෝජනා කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 6