කොළඹ කොටුවේ ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත් සඳහන් කරමින් කොටුව පොලිසිය අද (11) කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි හමුවේ කරුණු දැක්වුවා.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කරුණු දැක්වූ කොටුව පොලිසිය එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩයට නොතිසි නිකුත් කරන ලෙස කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනිද්දා (13) අදාළ සාක්ෂි කැඳවන ලෙසද නියෝග කළා.
කොටුව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පසුගිය ඔක්තෝම්බර් මස 06වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08වනදා රාත්‍රියේද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් අධීකරණයට දන්වා සිටියා.
මේ ගොඩනැල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බව පෙන්වා දෙමින්, සුදුසු අධීකරණ නියෝග ලබා දෙන්නැයි කොටුව පොලිසිය දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ඉල්ලා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන 13වනදා යළි කැඳවීමට නියමිතයි.