බොහෝ රටවල් අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන නොසන්සුන්ව සිටින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසනවා.
එහෙත් ඉන්දියාව එම රටවල්වලින් එකක් නොවන බවයි ඔහු පවසා ඇත්තේ.
මුම්බායි හි පැවති උත්සවයකදී, ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලය අනුව, ඉන්දියාව එක්සත් ජනපදය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ බව සඳහන් කර තිබුණේ.
එහිදී ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අගමැති මෝදිගේ සම්බන්ධතාවය සැලකිල්ලට ගෙන ඔහු පැවසුවේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා වීමෙන් පසු ඔහුව ඇමතූ පළමු රාජ්‍ය නායකයින් තිදෙනා අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිටින බවයි.
තවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෝකයේ ජනාධිපතිවරුන් අතර සුහදතාවයක් ගොඩනගා ගෙන ඇති බව පවසන ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, අග්‍රාමාත්‍යවරයා මෑත කාලීන අමෙරිකානු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් යන නායකයින් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කර ඇති බවයි.