කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබූ දුම්රියක සිටි මිතුරියන් කිහිපදෙනෙකුගෙන් , එක් තරුණියක් මෙලෙස අනතුරකට ලක්වී තිබෙනවා..
ඇය අරලිය උයන මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පිරිස ඇල්ල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති අතර, 18 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊට එක්ව තිබුණා..
එලෙස ඔවුන් පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී තිබුණා..
මේ අනතුරෙන් ඇගේ වම් පාදයට දැඩි තුවාල සිදු වී ඇති අතර, තරුණිය කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර තිබුණා..
Author: Lanka Hit News
Post Views: 4