Global Platform For All Sri Lankans

ඡන්දේ දාලා ඇවිත් , ගෙදරම ඉන්න ? කොමිසම දන්වයි

 

නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණ දිනයේදී හැකි පමණ වේලාසනින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ තම වටිනා ඡන්දය භාවිත කර නිවෙස් වෙත ගොස් , නිවෙස්වලට වී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ පිළිබඳ ව සඳහන් කළා.

ජනතාවගේ බලය පෙන්විය හැකි වටිනා දිනය ඡන්දය පවත්වන දිනය නිසාවෙන් , එදින සාමකාමීව රැස්ව , සාමකාමීව කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, එදින විශාල වශයෙන් ජනතාව රැස්ව , විශාල තිර ආදිය දමා, ඡන්දය නැරඹීම ආදියෙන් වැලකී සිටින ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කරන අවස්ථාවේ සිටම , ඡන්ද අපේක්ෂකයින්ගේ නියෝජිතයන්ට ඡන්ද මධ්‍යස්ථානවල රැඳී සිටිය හැකි වූවත්, ඒ සමඟ නිකුත් කර ඇති නීති රීතිවලට අනුගත විය යුතු බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත විශ්වාසය තබා කටයුතු කරන ලෙසත්, කටකතාවලට නොරැවටී ප්‍රතිඵල නිකුත් කරන තෙක් තම නිවෙස්වලට වී සිටින ලෙසත් සභාපතිවරයා මෙහිදී සිහිපත් කළා.

පැල් ඡන්ද ගණන් කිරීම 14 වන දින සවස 4.15ට ආරම්භ කරන බවද , අනිකුත් ඡන්ද ගණනය කිරීම් ඡන්ද පෙට්ටි ලැබූ විගසම , එනම් රාත්‍රී 07.15 වන විට ආරම්භ කිරීමට කටයුතු ඇති බවද ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads