Global Platform For All Sri Lankans

මනෝජ් මිත්‍රා ජීවිතක්ෂයට !

 

ප්‍රවීණ බෙංගාලි සිනමා නළු මනෝජ් මිත්‍රා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 85ක්.

මනෝජ් මිත්‍රා අතිශය ජනප්‍රිය වූයේ සිනමා අධ්‍යක්ෂක තපන් සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද බන්චරාමර් බගන් සහ සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය සරේ බයිරේ, ගණශාරු වැනි සිනමා පටවලට රංගනයෙන් දායකත්වය ලබා දීම හේතුවෙන්.

අඟහරුවාදා පෙරවරු 8.50 ට පමණ මනෝජ් මිත්‍රා මියගිය බව රෝහලේ වෛද්‍යවරයකු තහවුරුකර සිටියා.

“නොවැම්බර් 3 වැනිදා ඔහු විවිධ සෞඛ්‍ය ගැටලු සමඟ රෝහලට ඇතුළත් කර ඇති අතර කාලයත් සමඟ ඔහුගේ තත්වය නරක අතට හැරී තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.

මනෝජ් මිත්‍රා ජනප්‍රිය අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ Ghare Baire සහ Ganashatru චිත්‍රපටවල ද පෙනී සිටියා.

සත්‍යජිත් රායි සමඟ ඔහුගේ වැඩවලට අමතරව, මනෝජ් මිත්‍රා බුද්ධදේබ් දාස්ගුප්තා, බාසු චැටර්ජි, තරුන් මජුම්දාර්, ශක්ති සමන්ත සහ ගෞතම් ඝෝස් වැනි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ද දැකගත හැකි වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads