Global Platform For All Sri Lankans

අද එන්න බෑ වෙනත් දිනයක් දෙන්නැයි පිල්ලෙයාන්ගෙන් CIDයට ලිපියක්

 

හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබෙනවා.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඒ සඳහා ලබන 18 සහ 25 අතර දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අද දිනයේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දැනුම් දුන්නේ පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads