2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා සූදානම් බව ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක පවසනවා.
ඒ සඳහා, අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානය මෙන්ම, හෙට්ටියාවත්ත, ගෑන්ඩ්පාස්, වැල්ලවත්ත කොටුව හා මාදිවෙල යන උපසේවා ස්ථානවල සේවකයන් 300කගේ පමණ නිවාඩු අවලංගු කර තිබෙනවා.
ඊට අමතරව ගිනි නිවීමේ රථ 50කට ආසන්න සංඛ්‍යාවක්, ජීවිත මුදවා ගැනීමේ රථ 12ක් මෙන්ම ගිලන් රථ 5ක් ද ඕනෑම මොහොතක ඕනෑම අවස්ථාවක පිටත් කර හැරීම සඳහා සූදානම්ව තබා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 4