සංචාරක නවසීලන්ත ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
මේ අතර, අබාධයට ලක්ව සිටින වනිදු හසරංග මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙන අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්තයි සංචිතයට කැඳවා ඇත්තේ.
පසුගියදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී තිබෙනවා.
දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තා.
Author: Lanka Hit News
Post Views: 2