කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 යුත් The One Trash works ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට ලද නොතීසියක් අනුව එම සමාගමේ පරිපාලන නිලධාරිනිය ඇතුළු සාක්ෂිකරුවන් පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්, එම ගොඩනැගිල්ලේ තහඩුවක් වැටුණු කාර් රථයේ හිමිකරු, රථ ගාල්ලේ හිමිකරු , කඩ හිමිකරුවෙකු පොලීසිය කළ දැනුම් දීමකට අනුව අධිකරණයට පැමිණ ඇති බවයි සඳහන්.
ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කරුණු දැක්වූ කොටුව පොලිසිය එම ආයතනයේ අධයක්ෂක මණ්ඩයට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සාක්ෂි අද කොටුව අධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.
පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08 වනදා රාත්‍රියේද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියා.