සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්, ඊශ්‍රායලය ගාසා තීරයේ “සාමූහික ජන සංහාරයක්” සිදු කරන බවට චෝදනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙය පසුගිය වසරේ යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රබලම විවේචනයක් වන බවයි.
කුමරු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, රියාද් හි සෞදි අරාබිය විසින් සත්කාරකත්වය සපයන ලද ඉස්ලාමීය නායකයින්ගේ රැස්වීමකදී බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කුමරු එහිදී ‘සහෝදර පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු කරන ලද සාමූහික ජන සංහාරය හෙළා දැකීම සහ ප්‍රතික්ෂේප කිරීම තම රාජධානිය විසින් නැවතත් අවධාරණය කරන බව සඳහන් කළ බවයි.
ඊශ්‍රායලය පසුගිය වසරේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට 43,000 කට වැඩි පිරිසක් මේ වන විට ගාසා තීරයේ මිය ගොස් ඇත.
පසුගිය වසරේ සෞදි අරාබිය, ඊශ්‍රායලය සමඟ ඓතිහාසික ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටි නමුත් එය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කරන ලද බව සඳහන්.