හෙට (14) දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත්වන ජනතාවට පහසුව සැලසීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (13) සිට එළඹෙන දීර්ඝ සති අන්තයේ දී සියලුම ප්‍රාදේශිකයන්ට (ප්‍රාදේශිකයන් 12) නියමිත සාමාන්‍ය ධාවන කාල සටහන්වල කිසිඳු අඩුවක් නොකර ඊට අමතරව මැතිවරණ විශේෂ ධාවන සැලැස්මක් ලෙස මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කර ඇති බව සඳහන්.
• ප්‍රධාන ප්‍රාදේශිකයන් 3 වන කොළඹ, ගම්පහ, කළුතර සඳහා බස් 70 ක් ද ඊට අමතරව මගී අවශ්‍යතා අනුව එය වැඩිකරලීමට ද පියවර ගැනීම.
• දුර ගමන් සඳහා අමතර බස් රථ 80 ක් ගමනාගමනය සඳහා සූදානම් කිරීම. (මේ සඳහා අද දින කොළඹ, ගම්පහ සහ කළුතර ප්‍රාදේශිකයන් තුනෙහි නිලධාරීන් හමු වී ධාවන කාල සටහන සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත ය.)
• නොවැම්බර් 16, 17, 18 යන දිනයන් වල ජනයාට ආපසු ගම්බිම් වල සිට කොළඹ, ගම්පහ, කළුතර ආදී ප්‍රධාන ප්‍රාදේශිකයන්ට පැමිණීම සඳහා පිට ප්‍රාදේශිකයන් සියල්ලම දැනුවත් කර ධාවන වැඩපිළිවෙලක් සකස් කිරීම.
ජාතික ගමනාගමන කොමිසමේ මැදිහත් වීම ඉතා වැදගත් බවත්, විශේෂ පෞද්ගලික බස් රථ ධාවන සැලැස්ම ද එක් වූ විට මේ වැඩපිළිවෙල වඩා සාර්ථක වන බවත් ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.
බැස්ටියන් මාවත, කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලේත්, මාකුඹුර බස් නැවතුම් පොලේත් විශේෂ ප්‍රවාහන පහසුකම් රැසක් යෙදවීමටත් ජාතික ගමනාගමන කොමිසම සූදානම්ව තිබෙනවා.
එමෙන්ම වැඩිම ප්‍රවාහන අවශ්‍යතාවය ලෙස නිරීක්ෂණය වී ඇති මාතර, නුවර, බදුල්ල සඳහා විශේෂ අවධානය යොමු කර මහ මැතිවරණය වෙනුවෙන් ගම් කරා යන්නට පෞද්ගලික බස් රථ වැඩිම ප්‍රමාණයක් වෙන් කර ඇති බව සඳහන්.
අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථ යොදවා ඇති බවත්, ඇතැම් විටෙක බොහෝ පිරිස් එකවර බස් නැවතුම්පොළට පැමිණීමේදී යම් තදබදයක් ඇති විය හැකි බවත් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් එය බස් රථ යොදවා නොමැති බැවින් ඇතිවන තදබදයක් ලෙස නොසිතන ලෙසට ද වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.