අධ්‍යයන පොදු සහතිත පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණය අනිද්දා (19) මාධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, එම විභාගය ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබීම හේතුවෙන්.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312ක පැවැත්වෙන අතර, ඒ සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක ස්ථාපිත කර තිබෙනවා.
ඒ සඳහා, අපේක්ෂකයින් තුන් ලක්ෂ තිස් තුන් දහස් එකසිය අසූ තුනක් ඉදිරිපත් වීමට නියමිතයි.
ඉන් දෙලක්ෂ පනස් තුන් දහස් තුන්සිය අනූවක් පාසල් අයදුම්කරුවන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
79,795 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වනවා.
Author: Lanka Hit News
Post Views: 2