Global Platform For All Sri Lankans

කූට ලේඛන රැගෙන, පාස්පෝට් ගන්න ආ 18ක් මාට්ටු..

 

කූට ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී බස්නාහිර පළාත දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ නිල මුද්‍රාව හා නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත දකුණු දිසාව කාර්යාලයේ දින මුද්‍රාව ඇතුළත් ලිපි ලේඛන රැසක් පොලිස් භාරයට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත අද (19) දින පැමිණෙන ලෙස දැනුම් දී මීට දින කීපයකට ඉහතදී එම පිරිසේ තොරතුරු ඇතුළත් ගොනුවක් සකස් කර තිබූ බවය පොලීසිය පැවසුවේ.

ඊට පරිබාහිරව පැමිණි පිරිස සතුව තිබූ ලිපි ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ. ජි හේවගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ නිල මුද්‍රාව සහ එම කාර්යාලයේ දින මුද්‍රාව ව්‍යාජ ලෙස ම සැකකරුවන්ගේ සහ සැකකාරියන්ගේ ලිපි ලේඛනවල අන්තර්ගතවී තිබී ඇති බව සඳහන්.

ව්‍යාජ නිල හා දින මුද්‍රාවේ වටේ තිබෙන බෝඩරය සහ අකුරුවල ප්‍රමාණයන් නියමිත නිල හා දින මුද්‍රාවේ තිබෙන බෝඩරයට සහ අකුරුවලට වඩා ප්‍රමාණයෙන් විශාල බවට පොලිස් නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් මුදල් ලබාදී අදාළ ව්‍යාජ ලිපි ලේඛන සකසාගෙන එම ස්ථානයට පැමිණි බවටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, කුරුණෑගල, වැලිගම රිදීගම හා ගාල්ල ආදි දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ. ජි. හේවගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින්.

අදාළ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads