රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිපත්තියේ නව යාවත්කාලීන කිරීමක් සඳහා ජනපති පුටින් අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව න්‍යෂ්ටික බලය නොමැති ඕනෑම රාජ්‍යයක් න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයන්ගේ සහය ඇතිව සිදුකරනු ලබන ආක්‍රමණයක් රුසියාවට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවට එහි සඳහන්.
කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රතිපත්තිය සඳහා අත්සන් තබා ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් ආරම්භ වී ඊයේ (19) දිනට දින දහසක් සපිරෙන දිනයේදීයි.
එමෙන්ම, අමෙරිකාව විසින් යුක්‍රේනය වෙත ලබාදුන් දිගු දුර මිසයිල භාවිතාකරමින්ර රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමට අවසර ලබාදී තිබීමත් මෙම තීරණයට බලපා තිබෙනවා .
මේ අතර රුසියාව විසින් විකිරණශීලි සහ කම්පනයන්ට නිරාවරණය නොවන ආරක්ෂිත ජංගම බෝම්බ ආවරණ නිෂ්පාදන ඉහළ දැමිම ආරම්භ කර තිබෙනවා.
මෙම ආවරණයක් තුළ පුද්ගලයින් 50 දෙනෙකුට ආරක්ෂිතව සිටිය හැකි අතර තවත් ආවරණයන් ඊට එක්කිරීමට හැකියාව පවතින බවයි වාර්තාවන්නේ.
මේ අතර යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිපවසන්නේ තමන් කිසිදු අවස්ථාවක රුසියානු ආක්‍රමණයන්ට යටත් නොවන බවයි.