ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබා ගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළායාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ (19) මාකෙවිට ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් පැහැර ගෙන පළායාම, මුදල් ලබාගැනීම සිදු කරමින් සිටි වෑන් රථයේ රියදුරා විසින් සිදු කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇති තොරතුරක් මත මෙම කොල්ලයේ මහ මොළකරු බව පැවසෙන පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව සදහන්.
සැකකරු රුපියල් 3,15,00000 පමණ මුදලක් සමග මාකෙවිට ප්‍රදේශයේ නිවසකදී අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
කොල්ලයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 4