Global Platform For All Sri Lankans

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ඇප

 

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.

මැතිවරණ නීති කඩකළ බවට එල්ලවූ චෝදනාවක් මත, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද (20) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

මහ මැතිවරණයට පෙර මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

එසේම, අත්අඩංගුවට පත් හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads