10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත්කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස විසින් කළ යෝජනාවකට අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි විසින් කළ ස්ථිර කිරීමකින් පසුවයි.
එසේම, 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල මීට පෙර පත්කරනු ලැබුවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.
තවද , අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ද ,
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද පත් කර ගනු ලැබූ අතර, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස ට හිමි වී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 3