Global Platform For All Sri Lankans

” දැන් තිබෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ වගකීම් ඉටුකිරීමයි ” ජනපතිගේ රාජාසන කතාව ඇරඹෙයි

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානයකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත උදෑසන 11.30 කැඳවාගෙන එනු ලැබූ අතර, මේ වනවිට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටිනවා.

සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කර සිටියා.

එසේම, දැන් තිබෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ වගකීම් ඉටුකිරීමයි , යනුවෙන් ද සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී මෙලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ,

“හැබැයි කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…”

සියලුදෙනාම මහජන නියෝජිතයින් නම්, පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන සියල්ල ජනතාව දැනගත යුතුයි.

ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රටට ඉදිරියට යා නොහැකි.අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මහජනයාගේ හිත සුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.

සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නෑ. දේශපාලනික වෙනස්කම් විය හැකියි. නිදහස කියන එක හැමකෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැමකෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් ගොඩනැගීම අපගේ වගකීමක්. එය අපි ඉටුකරන බව අපි සහතික කරනවා. “

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads